Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සමාගමක් බිඳවැටේ

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිපදවන ප්‍රධාන සමාගමක ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් බිදවැටී තිබෙනවා.

මෙලෙස බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ඇත්තේ සිඩ්නි සහ මෙල්බන් නගරවල ප්‍රචලිතව පැවති Halo Food නම් සමාගමයි.

අලාභය පියවා ගැනීම සදහා සමාගම් වත්කම් විකි”මටයි පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත්තේ.

මව්වරුන් සදහා පෝශණ අතිරේකයක් වූ The Healthy Mummy නිශ්පාදන සහ Tonik නිශ්පාදන මෙම සමාගමේ ප්‍රධාන අලෙවි සන්නාමයන් අතර වනවා.

Halo Food නිශ්පාදන ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළදසැල්වල අළෙවි වූ අතර චීනය, නවසීලන්තය, වියට්නාමය, තායිවානය, හොංකොං මෙන්ම මැදපෙරදිග රටවලටද අපනයනය කර තිබෙනවා.

ඒ අනුව සමූහයේ ව්‍යාපාර සදහා උනන්දුවක් දක්වන පාර්ශව වෙත කොටස් මිලදී ගැනීමේ අවස්ථාවද හිමිවනු ඇති.

කෙසේ වෙතත් සමාගම් පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ බිදවැටුනු සමාගම නැවත ගොඩනැගීමට සියලූ පාර්ශව සමග එක්ව කටයුතු කරන බවයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »