ජනමත විචාරණ දිනය අගමැති අද ඇඩිලේඩ් නුවරදී හෙළි කරයි

ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණය පැවැත්වෙන දිනය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඇඩිලේඩ් නුවරදී අද නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

නිල නොවන වාර්තා පවසන්නේ බොහෝ දුරට ලබන ඔක්තෝබර් 14 වනදා මත විමසුම පැවැත්වෙනු ඇතිවයි.

මේ අතර ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණ යෝජනාව සහ උපදෙස් ඇතුළත් ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා පත්‍රිකා මිලියන 13 ක් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනමත විචාරණයට අදාල ඡන්ද පත්‍රිකා නිසි ලෙස සම්පූරණ කිරීමට අදාල උපදෙස් ද ඒ සමග ජනතාව වෙත ලබා දී ඇති අතර අන්තර්ජාලය ඔස්සේද එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙ වන විට ජනමත විචාරණය පරාජයවීමේ වැඩි ප්‍රවණතාවයක් බවතින බව ඇතැම් සමීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් අගමැති ඇන්තනී ඇල්බනීස් විශ්වාස කරන්නේ ජනතාව ව්‍යවස්ථාපිත වෙනසක් ඇති කිරීමට සහය පළ කරනු ඇති බවයි.

එම යෝජනාව සම්මත කර ගැනීම සදහා සහය පලකරන ලෙස අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

අවසන් වරට ඔස්ට්‍රේලියාව තුළ දී මෙවැනි ජනමත විචාරණයක් පවත්වා තිබුණේ 1999 වසරේදීයී.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »