
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන LNG කර්මාන්තශාලා දෙකක සේවකයින් ලබන සැප්තැම්බර් 07 වන දා සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
වැටුප් හා සේවා කොන්දේසි කිහිපයක් මුල්කරගනිමින් 500 කට අධික සේවක පිරිසක් මේ සදහා සහය පල කර ඇති බවයි වාර්තා වන්නේ.
අමරිකානූ ප්‍රධාන ගෑස් සමාගමක් වන චෙව්රොන් සමාගම යටතේ ක්‍රියාත්මක සමාගම් දෙකකුයි මෙලෙස වැඩවර්ජනයකට සුදානම් වී ඇත්තේ.

සේවකයින් පෙන්වා දෙන්නේ තම ගැටලූ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ජා වට ගණනාවක් සිදු කලද එයින් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි.
වර්ජනය සදහා සහය පලකර ඇති සමාගම් දෙක ලොව LNG අවශ්‍යතාවයෙන් සියයට පහකට වඩා වැඩි ප්‍රතිශතයක් ස්වභාවික වායු නිපදවීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම LNG අපනයනකරු ලෙසද ක්‍රියාත්මක වන අතර සේවකයින් මෙලෙස වැඩවර්ජනවල නිරතවීම ගෝලීය ගෑස් මිල කෙරෙහි බලපෑමක් ඇතිකරවනු ඇති බවයි විචාරකයි පවසන්නේ.