A-League තරගයකදී ගෝල රකින්නෙකුට පහරදීමට මාස 03 ක සිර දඩුවමක්

A-League පාපන්දු තරගයක් අතරතුරදී ගෝල රකින්නෙකුට වැලි සහිත බකට් එකකින් දමා ගැසූ තැනැත්තාට මාස 03 ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ මෙල්බන් නුවර පැවති තරගයක් අතරතුරදී නරඹන්නන් පිරිසක් ඉතා කළහකාරීව හැසිරුණු මෙම සිදුවීම සැළකෙන්නේ ඔස්ටේ්‍රලියා පාපන්දු ඉතිහාසයේ අඳුරුතම දිනය ලෙසයි.

23 හැවිරිදි සැකකරුට සිර දඩුවමට අමතරව වසර 05 ක් යනතුරු මෙල්බන් හි AAMI ක්‍රීඩාංගණයට පිවිසීමද තහනම් කෙරුණා.

කෙසේවෙතත් මොහු වෙනුවෙන් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමටයි නීතීඥයන් පියවර ගනු ලැබුවේ.

එය හෙට දිනයේදී සළකා බැලීමට නියමිතයි.

පසුගිය දෙසැම්බරයේ සිදුවූ සිදුවීමට අදාළව විශාල පිරිසකට ජීවිතාන්ත තහනම් ද මේ වනවිට පණවා අවසන්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »