අඩු ධාරිතාවයක් භාවිත කරන Messenger Lite ඇප්ලිකේෂනය ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් සඳහා භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් හිමිකාරීත්වය දරන මෙටා සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව වත්මන් පරිශීලකයන්ට ද ලබන සැප්තැම්බර් 18 වනදා සිට එය භාවිතයට අවස්ථාව හිමි නොවන බවයි ඔවුන් දන්වා සිටින්නේ.
මේ වනවිටත් එය Google Paly Store තුළින් ඉවත් කර තිබෙනවා.
2016 වසරේදී හඳුන්වා දෙනු ලැබු Messenger Lite ඇප්ලිකේසනය අතිශය ජනප්‍රිය වූයේ මෙගා බයිට් 01 ක් වැනි කුඩා ධාරිතාවයක් ගැනීම හේතුවෙනුයි.
මෙම ඇප්ලිකේෂනය පළමුවෙන් හඳුන්වාදුන් රටවල් 05 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්වීම විශේෂත්වයක්. (Kenya, Malaysia, Sri Lanka, Tunisia, Venezuela)
පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා නිර්මාණය කල මෙම ඇප්ලිකේෂනය මේ වනවිට අඩු ජනප්‍රියත්වයක් හිමිකර ගැනීම එය භාවිතයෙන් ඉවත් කිරීමට බලපෑ බවයි මෙටා සමාගම දන්වා සිටින්නේ.