නවසීලන්තය ඔස්ට්‍රේලියාවේ කොටසක් බවට ඒකාබද්ධ කිරීමේ යෝජනාවක්

නවසීලන්තය ඔස්ට්‍රේලියාවේ කොටසක් බවට ඒකාබද්ධ කිරීමේ යෝජනාවට මෙරට හිටපු නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සහය පලකර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හිඩැසක් පිරවීමට අවස්ථාව හිමිවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

නවසීලන්තය ඔස්ට්‍රේලියාව සමග ඒකාබද්ධ කිරීමේ යෝජනා තවදුරටත් සලකා බලා එයට සහය පලකරන ලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගනු ලැබු නවසීලන්ත කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

දෙරට ඒකාබද්ධ කිරීම තුලින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ වලට ආර්ථික වාසි රැසක් අත්වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ඒකාබද්ධ ආරක්ෂක – ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක පමණක් නොව ඇතැම්විට රග්බි ලෝක කුසලානයක් පවා ජයගැනීමට එමගින් ඔස්ටේ්‍රලියාවට හැකිවනු ඇති බවයි විචාරක මතය වන්නේ.

කෙසේ වෙතත් බාර්නබි ජොයිස් පවසන්නේ නවසීලන්ත ජාතිකයින් මේ සම්බන්ධ එකගතාවකට පැමි”ම අවිනිශ්චිත බැවින් මේ සදහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවයි.

1901 ට පෙර සිට නවසීලන්තය – ෆිජී දුපත් සහ ඔස්ට්‍රේලියාව එකම කලාපයක් ලෙසයි කටයුතු කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »