වික්ටෝරියාවට එපාවූ ක්‍රීඩා උළෙල ගෝල්ඩ් කෝස්ට් භාරගන්න යයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සත්කාරකත්වය දැරීමෙන් ඉවත්වු 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය භාර ගැනීමට ගෝල්ඩ් කෝස්ට් නාගරික කවුන්සිලය නිල වශයෙන් එකග වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ යෝජනාවලිය ඇතුළත් අයදුම්පත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංවිධායකයන් වෙත යොමු කරන බවයි ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් අද නිවේදනය කලේ.

2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වනු ලැබුවේද ගෝල්ඩ් කෝස්ට් නගරයේදීයි.

ක්‍රීඩාංගණ – නවාතැන් පහසුකම් මෙන්ම ක්‍රීඩා ගම්මානය වැනි සියලු පහසුකම් සියල්ල දැනට ඇති ගොඩනැගිලි භාවිතයෙන් සපුරා ගන්නා බවද කිසිදු නව ඉදි කිරීමක් සිදු නොකරන බවටද ඔහු සහතික වනවා.

ගෝල්ඩ් කෝස්ට් නගරාධිපතිවරයා විසින් මෙම නිවේදනය සිදුකරනු ලැබුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය නොදරන බවට ප්‍රාන්ත අගමැතිනිය විසින් ප්‍රකාශ කර ඇති පසුබිමකදී වීම විශේෂත්වයක්.

අගමැතිනිය අවධාරණය කලේ 2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙල පිළිබඳ පමණක් ප්‍රාන්ත රජය අවධානය යොමුකර ඇති බවයි.

වික්ටෝරියා රජය විසින් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වූයේ ඩොලර් බිලියන 07 ක වියදමක් දැරීමට නොහැකි බව පවසමිනුයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »