ඔස්ට්‍රේලියාව තුළ මෙම වසරේදී ඉහළම වැටුප් වැඩිවීම් හිමිවූ රැකියා ක්ෂේත්‍ර හෙළිකර තිබෙනවා.
SEEK රැකියා වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ රක්ෂණ ක්ෂේත්‍රයෙහි නිරතවන්නන්ට ඉහළම වැටුප් වර්ධක හිමිවී ඇති බවයි.
පසුගිය ජූලි මාසයෙන් අවසන් වු මාස 12 තුළදී එලෙස වැටුප් වැඩිවී ඇති ප්‍රමාණය සියයට 9.2 ක් ලෙස ගණන් බලා තිබෙනවා.
සමාජ සේවා සඳහා සියයට 6.7 ක වැටුප් වැඩිවීමක් ද තාක්ෂණික වෘත්තීන් සඳහා සියයට 5.9 ක් හා සිල්ලර වෙළඳ අංශයට සියයට 5.5 ක් ලෙස ද වැටුප් වැඩිවිම් ලැබී ඇති බව සඳහන්.
ඉදිකිරීම් අංශයට සියයට 5.4 ක් / පරිපාලන ක්ෂේත්‍රයට සියයට 4.5 ක් / ගිණුම්කරණ ක්ෂේත්‍රයට සියයට 4.8 ක් ලෙස වැටුප් වැඩිවී ඇති බවයි SEEK වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
අලෙවි අංශයට සියයට 4.7 ක් සහ නිර්මාණ ශිල්පීන්ට සියයට 4.6 ක් ලෙස වැටුප් වැඩිවී තිබෙනවා.