
නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කෙරෙන යෝජනාව සභාගත කිරීමට වික්ටෝරියා පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
එම නීති සම්මත වීමෙන් පසු අදාළ නියෝග කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 23,000 ක දඩයක් සහ වසරක උපරිම සිර දඩුවමක් නියම වනු ඇති.
දැනට වික්ටෝරියා ප්‍රාන්තය තුළ හිට්ලර් ගේ ප්‍රධාන නාසි සංකේතය වන ස්වස්තිකය ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් වන නමුත් ඇතැම් සංඥා හෝ මුද්‍රා සඳහා එවැනි බාධාවක් පවතින්නේ නැහැ.

ස්වස්තිකය ප්‍රදර්ශනය තහනම් කරනු ලැබූ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය වන්නේ ද වික්ටෝරියා ප්‍රාන්තයයි.
කෙසේවෙතත් සියලුම නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය – භාවිතය හෝ අලෙවිය තහනම් කරමිනුයි මෙම නව නීති මාලාව පැණවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.
