කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන්වල Flight Credits ගැන ක්වන්ටාස් ට චෝදනාවක්

කොවිඩ් සමයේදී අවලංගු කෙරුණු ගුවන් ගමන්වලට අදාළව ක්වන්ටාස් සමූහය සතුව දැනට පවතින Flight Credits හි වටිනාකම ඩොලර් මිලියන 470 ක් පමණ වන බවට අනාවරණය වී තිබෙනවා.

ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සමාගම්වල ප්‍රධානීන් සෙනෙට් කමිටුවක් හමුවට කැඳවූ අවස්ථාවේදීයි එය හෙළිවි ඇත්තේ.

ක්වන්ටාස් සමාගම විසින් පසුගිය සතියේදී මෙම වටිනාකම ඩොලර් මිලියන 370 ක් ලෙස පැවසුවද ජෙට් ස්ටාර් සමාගම විසින් රඳවාගෙන සිටින ඩොලර් මිලියන 100 ක Flight Credits පිළිබඳ ඔවුන් ගණනය කර නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම මහජන පැමිණිලි ලැබී ඇති සමාගම වන්නේද ක්වන්ටාස් සමූහය බවටයි සෙනෙට් කමිටු සාමාජිකයන් විසින් මෙහිදී චෝදනා කරනු ලැබුවේ.

එමෙන්ම දෝහා සිට සිඩ්නි – මෙල්බන් සහ බ්‍රිස්බන් දක්වා ගුවන් ගමන් වැඩි කිරීමට කටාර් ගුවන් සේවය කරනු ලැබු ඉල්ලීම රජය විසින් අවහිර කර ඇත්තේද ක්වන්ටාස් සමාගමේ බලපෑම හමුවේ බවට මෙහිදී අදහස් පළවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ කටාර් ගුවන් සේවයේ ප්‍රධානතම මැද පෙරදිග තරගකරු වන එමිරේට්ස් ගුවන් සේවය සහ ක්වන්ටාස් ගුවන් සේවය අතර පවතින සහයෝගීතාවය බව සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »