ඔස්ට්‍රේලියානු උකස් හිමියන්ගෙන් 30% ක් ණය ගෙවීමේ ආතතියෙන් පීඩාවට

ඔස්ට්‍රේලියානු උකස් ණය හිමියන් අතුරින් සියයට 30 කට ආසන්න පිරිසක් ණය ගෙවීමේ ආතතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

මෙම වසරේ අප්‍රේල් – ජූලි මාස 03 තුළදී එලෙස අපහසුතාවයට පත්ව සිටි පිරිස මිලියන 1.5 ක් බවයි සුප්‍රකට රෝයි මෝර්ගන් සමාගම විසින් සිදුකර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

පොළී අනුපාතික අගයන් ඉහළයාමේ අවස්ථා 02 ක් මෙම වකවානුවට ඇතුළත් වුණා.

මේ අනුව මෙතෙක් මාස 03 කදී උකස් ණය ආතතියෙන් වැඩිම පිරිසක් සිටි එනම් මිලියන 1.46 ක් සටහන්වූ වකවානුව ලෙස පැවති 2008 වසරේ දෙවන කාර්තුව අභිබවා යමින් මෙම වසර එම වාර්තාව බිඳ හෙලා තිබෙනවා.

උකස් ණය ගෙවීමේ අධි අවදානම් මට්ටමේ පසුවන පිරිස මිලියන 1.017 ක් හෙවත් සියයට 20.3 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

විරැකියාව සහ අධික ජීවන වියදම හමුවේ පොලී ගෙවීමට තරම් මුදලක් උකස් දරන්නන්ගේ ආදායමින් ඉතුරු නොවන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී ඉහළ යනු ඇති බවට වාර්තා පළවන ඉන්ධන හා බලශක්ති මිල හේතුවෙන් උකස් දරන්නන් වෙත තවදුරටත් පීඩා ගෙන දෙනු ඇති බවටද වාර්තා වනවා.

මේ තත්වය තවදුරටත් වර්ධනය වන්නේ නම් අවධානම් උකස් හිමියන් සියයට 35.6 ක් ලෙස වාර්තා වූ 2008 මැයි මස සංඛ්‍යා දත්ත අභිබවා වර්ධනය වීමක් මෙම වසර අවසානයේදී සිදුවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »