ටැක්සි ගාස්තු ගැන වික්ටෝරියාවෙනුත් දැඩි රෙගුලාසි

ටැක්සි සේවාවල ගාස්තු සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි අනුගමනය කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයද තීරණය කර තිබෙනවා.

ඒ අනුව කලින් වෙන් කරවා නොගත් ටැක්සි රථ, එනම් කුළී රථ ගාලකින් ලබාගන්නා වාහන හෝ මාර්ගයේදී නතර කරවාගන්නා කුළී රථ සඳහාද මීටර් ක්‍රියාත්මක කිරීම ලබන මස 28 වනදා සිට අනිවාර්ය වනු ඇති.

මෙතෙක් එවැනි කුළී රථ සඳහා මීටර ක්‍රියා විරහිත කර මගීන් සමග ගාස්තුව පිළිබඳ එකගතාවයකට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණා.

ප්‍රාන්තයේ බොහෝ ටැක්සි රථ රියදුරන් මීටරය භාවිත කරන නමුත් අතලොස්සක් රියදුරන් තවමත් මීටරය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

කලින් වෙන්කරගත් ටැක්සි සේවා සදහා නව නියාමන රෙගුලාසි හමුවේ බාධා ඇති නොවන බවද බලධාරින් වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

මාස කිහිපයකට පෙර පැවති ඔස්ටේ‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය සහ ගෝන් ප්‍රී තරගාවලිය වැනි ඉසව් අවසානයේ නවාතැන් කරා යාමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ඇතැම් ටැක්සි රියදුරන් විසින් අධික ගාස්තු අය කල බවටයි චෝදනා එල්ල වූයේ.

නව රෙගුලාසි මෙල්බන් – ජීලොංග් – බලරට් සහ බෙන්ඩිගෝ යන සියලුම නගර සඳහා ලබන 28 වනදා සිට බලාත්මක වනු ඇති.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »