නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා ප්රාන්ත සීමා ආශ්රිතව මී මැස්සන්ගේ සිරුරෙහි වාසය කරන මාරාන්තික කුඩා කෘමි විශේෂයක් පැතිරයෑමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා.
ආමන්ඩ් වගා ගොවිපොළ ආශ්රිතව මෙම කෲමීන් හමුවීම ඉහළ ගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
ප්රදේශයේ මී වද වලටද මෙම කෘමි උවදුරෙන් බලපෑම් එල්ලවී ඇති අතර බලපෑමට ලක්වූ මී වද ගොවිපලවලින් ඉවත් කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා.
මෙම කෘමි උවදුර හමුවේ මීමැස්සන් විසින් පරාගණය සිදු කරන මල් වගාවන්ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
එබැවින් මී පැණි ආශ්රිත නිශ්පාදන සහ ගොවිපල වෙත විශාල පාඩුවක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.
මෙම කෘමි උවදුර පාලනය සදහා ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධව අනිද්දා රැස්වන අධීක්ෂණ කමිටුව මගින් සොයා බලා විසදුම් ලබා දීමට නියමිත බව නවු සවුත් වේල්ස් ප්රාන්ත බලධාරීන් නිවේදනය කර තිබෙනවා.