දැඩි මීදුම හේතුවෙන් මෙල්බන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් ප්‍රමාදයක්

දැඩි මීදුම් තත්වය හේතුවෙන් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා සියල්ල මේ අනුව ප්‍රමාද වන බවයි ගුවන් තොටුපළ බලධාරීන් දන්වා සිටින්නේ.

අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සිට පැමිණි එක් ගුවන් යානයක් සිඩ්නි ගුවන් තොටුපළ දක්වා හරවා යැවීමටද පියවර ගෙන තිබුණා.

කිසිදු ගුවන් වාරයක් අවලංගු කර නොමැති බවද මෙල්බන් ගුවන් තොටුපළ බලධාරීන් දන්වා සිටිනවා.

කෙසේවෙතත් ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිය ගුවන් ගමන පිළිබඳ තහවුරු කරගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »