ජනප්‍රිය මුඛ ජෙල් විශේෂයක් සුපිරි වෙළඳසැල් තුළ අලෙවියෙන් ඉවතට

ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය මුඛ ජෙල් විශේෂයක් වන බොන්ජෙලා (Bonjela) සුපිරි වෙළඳසැල් තුළ අලෙවියෙන් ඉවත් කර තිබෙනවා.

ඖෂධ අධිකාරිය විසින් නියම කර ඇත්තේ එය ෆාමසි හරහා පමණක් මින් ඉදිරියට අලෙවි කල යුතු බවටයි.

මෙය භාවිතයෙන් ඇතැමුන්ට සංකූලතා ඇතිවූ බවට වන වාර්තා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

වූල්වර්ත්ස් සහ කෝල්ස් යන සුපිරි වෙළඳසැල් 02 ම දන්වා ඇත්තේ බොන්ජෙලා අලෙවිය අත්හිටවු බවයි.

ලබන ඔක්තෝබර් 01 වනදා වනවිට සියලු තොග ආපසු හරවා යැවීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »