මාස 03 කදී වික්ටෝරියා ආසන පටි නීති කඩකල රියදුරන් 6,597 කට අවවාදාත්මක ලිපි

මාස 03 ක කාලයක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ආසන පටි නීති කඩකල රියදුරන් 6,597 දෙනෙකුට අවවාදාත්මක ලිපි නිකුත් කර තිබෙනවා.

අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ කැමරා මගින් ඔවුන් හඳුනාගෙන ඇති බව සඳහන්.

ගතවූ මාස 12 දී වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුවූ රිය අනතුරු මරණවලදී ආසන පටි නොපැළඳ සිටියදී මියගොස් ඇති සංඛ්‍යාව 23 ක්.

පසුගිය වසර 05 සැළකූ විට ආසන පටි නොපැළඳීම හමුවේ සිදුවූ මරණ අතුරින් සියයට 84 ක් පුරුෂයන් බවටද හඳුනාගෙන තිබෙනවා.

වි්ක්ටෝරියා හි ආසන පටි අනිවාර්ය නීතිය පණවනු ලැබුවේ 1970 දශකයේදීයි.

දැනට පවතින නීතිය අනුව එම නීති කඩ කරන්නන්ට ඩොලර් 385 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 3 ක් නිකුත් කල හැකියි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »