Search

ක්වීන්ස්ලන්ඩ් වාහන පසුපස ගැටීම් අනතුරු 50% කින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනවල පසුපස ගැටීම්වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරයකට හේතුව මහා මාර්ගවල රථවාහන තදබද අතරතුරදී මංතීරු වෙනස් කිරීමට යාම වැනි දෑ බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම අධික වේගයෙන් පැමිණ නතර කිරීමට පෙර ඉදිරිපසින් ගමන් ගන්නා වාහනයේ ගැටීම් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

රථ වාහන තදබදයකදී මෙවැන්නක් සිදුවුවහොත් වාහන කිහිපයකට හානි සිදුවීමේ අවධානම ඉහළ මට්ටමක පවතින බව රථවාහන බළධාරීන් පෙන්වා දෙනවා.

වාහන අතර නිසි පරතරය පවත්වාගෙන යාම අනතුරු අවම කරගැනීමේ පහසුම ක්‍රියාමාර්ගයක් බවයි ඔවුන් තවදුරටත් දන්වා සිටින්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »