ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා වසරක show money $ 24,505 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී වසරක් සඳහා පෙන්විය යුතු තැන්පත් මුදල (show money) ඩොලර් 24,505 දක්වා ඉහළ දමා තිබෙනවා.

එය දැනට පවතින මුදලට වඩා සියයට 17 ක ඉහළයාමක් වන අතර ලබන ඔක්තෝබර් පළමුවනදා සිට එය බලාත්මක වනු ඇති.

පවතින ජීවන වියදම් දර්ශක සළකා බලා මෙම අගය පැණවෙන අතර අවසන් වරට මෙම මුදල සංශෝධනය කර ඇත්තේ 2019 වසරේදීයි.

මේ අතර ව්‍යාජ අධ්‍යාපන ආයතන සහ සංක්‍රමණ නීති උපදේශකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද ෆෙඩරල් රජය සූදානම් වනවා.

වීසා අයදුම්පත් ප්‍රතික්ෂේපවීම සියයට 50 කට වඩා වැඩි ආයතන කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉදිරියේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති තවත් පුලුල් වෙනස්කම් රැසකට ලක් කරන බව ෆෙඩරල් රජය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »