දකුණු ඔස්ට්‍රේලියා ගුරු වැටුප් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි ඉල්ලීමක්

ගුරු වැටුප් ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විපක්ෂය, ප්‍රාන්ත රජයෙන් සහ ගුරු සංගම්වලින් ඉල්ලා සිටිනවා.

ලබන සිකුරාදා දිනයට සැළසුම් කර ඇති එක්දින වර්ජනය අවලංගු කර සාකච්ඡාවලට අවතීර්ණ වන ලෙසයි ප්‍රාන්ත විපක්ෂය ගුරු සංගම්වලට දැනුම් දෙන්නේ.

වසර 03 ක් තුළදි සියයට 20 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි ගුරු සංගම් විසින් මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

ගුරු සංගම් නියෝජිතයන් අතර ඊයේ පැවති ඡන්ද විමසීමේදී සියයට 80 කට ආසන්න පිරිසක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බව සඳහන්.

මේ අතර ලබන සිකුරාදා දිනයේ දරුවන් නිවසෙහි තබා ගැනීමට හෝ child care වෙත යොමු කරන්නැයි ගුරු සංගම් නියෝජිතයන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් කිසිදු දරුවෙකුට එදින අවහිරයක් වීමට ඉඩ නොතබන බවටයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහතින වන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »