වික්ටෝරියා අනියම් සේවක වැටුප් සහිත අසනීප නිවාඩු තවත් ක්ෂේත්‍ර කිහිපයකටත්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක අනියම් (casual) – කොන්ත්‍රාත් (contract) සහ ස්වයං සේවා (self-employed) වල නිරත වන සේවකයන්ට ද වාර්ෂික පැය 38 ක වැටුප් සහිත අසනීප නිවාඩු ඉල්ලුම් කල හැකි නියමු ව්‍යාපෘතිය විවෘත කර තිබෙනවා.

ඒ අනුව childcare – සංචාරක සහ කොණ්ඩා සැකසුම් සේවකයන්ටද මේ සඳහා සහභාගී විය හැකියි.

වික්ටෝරියා හි සතියකට පැය 7 1/2 කට වඩා සේවය කරන අවුරුදු 15 ට වැඩි, අසනීප නිවාඩු සඳහා මෙතෙක් සුදුසුකම් නොලැබූ ඕනෑම අයෙකුට මෙය විවෘතයි.

ලබන වසරෙන් අවසන් කිරීමට නියමිත වූ මෙම නියමු ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කර 2025 වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

වික්ටෝරියා හි ආගන්තුක සත්කාර – සිල්ලර වෙළඳාම් – aged care – පිරිසිදු කිරීම් සහ ආරක්ෂක අංශවල සේවකයන් 76,000 කගේ පමණ සහභාගීත්වයෙන් දැනටමත් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ඒ සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වසර 02 ක් සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 245.6 ක්.

සමාජ සේවකයන් – ටැක්සි රියදුරන් – කලා ශිල්පීන් – ශරීර සුවතා උපදේශකයන් – පළතුරු කඩන සේවකයන් ඇතුලු තවත් අංශ කිහිපයක සේවකයන්ටද මෙම නියමු ව්‍යාපෘතියට සහභාගී විය හැකියි.

The following jobs are listed as eligible:

  • Food, hospitality and accommodation
  • Retail, sales and supermarkets
  • Factories, manufacturing and supermarket supply chains
  • Administration, clerical and call centres
  • Cleaning and laundry
  • Beauty, fitness, tourism and outdoor recreation
  • Taxi, rideshare and delivery driving
  • Security
  • Carers, aides, health and welfare support
  • Farm, agriculture, forestry, gardening and animal care
  • Arts and creative industries

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »