පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මුත්‍රා කිරීමට පහසුකම් නැතැයි චෝදනා

ඩොලර් මිලියන 154 ක වියදමක් දරා අලුත්වැඩියා කරන ලද පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුරුෂ වැසිකිළි වල මුත්‍රා කිරීමට පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ක්‍රිකට් සම්මේලනයේ සාමාජිකයන් පවා ප්‍රශ්න කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගණ බළධාරීන් පවසා ඇත්තේ උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගැනීමේ අරමුණ ඇතිව වැසිකිළි පද්ධතියට නවීකරණ කිහිපයක් සිදුකල බවයි.

2025 වසරේ ඉදි කිරීම් අවසන් කල පසු මෙම සියලු ගැටලු විසඳෙනු ඇති බවද ඔවුන් අවධාරණය කරනවා.

එහෙත් ඉදිරි වසර 1 1/2 ක කාලය තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරතුරදී ප්‍රේක්ෂකයන්ට සිදුවිය හැකි දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කර නොමැති බවටයි පාර්ශව කිහිපයක් චෝදනා කරන්නේ.

SOURCES :

https://www.9news.com.au/national/bathroom-renovations-at-waca-stir-up-controversy/23993eda-ecfc-485e-852d-8318d1a85af0

https://7news.com.au/business/construction/waca-chief-executive-backs-decision-not-to-include-urinals-in-stadium-revamp-c-11704437

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »