දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ ගුරුවරුන් ලබන සිකුරාදා වර්ජනයක

දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල්වල ගුරුවරුන් ලබන සිකුරාදා එනම් සැප්තැම්බර් පළමුවනදා එක්දින වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ගුරු සංගම් නියෝජිතයන් අතර ඊයේ පැවති ඡන්ද විමසීමේදී සියයට 80 කට ආසන්න පිරිසක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බව සඳහන්.

වැටුප් වැඩි කිරීමක් සහ ගුරුවරුන්ට අමතර සහයක් ලබාදෙන්නැයි කල ඉල්ලීමකට ප්‍රාන්ත රජයෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම මීට හේතුවී තිබෙනවා.

මේ අතර ලබන සිකුරාදා දිනයේ දරුවන් නිවසෙහි තබා ගැනීමට හෝ child care වෙත යොමු කරන්නැයි ගුරු සංගම් නියෝජිතයන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් කිසිදු දරුවෙකුට එදින අවහිරයක් වීමට ඉඩ නොතබන බවටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහතින වන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »