
කාන්තා පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 10 න් මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම පහළට ඇදවැටී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට ලැබී ඇත්තේ 11 වන ස්ථානයයි.
මෙවර ලෝක කුසලානයේ 03 වන ස්ථානය දිනාගත් ස්වීඩනය ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව ඇති අතර මෙවර ලෝක කුසලානය ජයගත් ස්පාඤ්ඤය ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානයට පත්ව සිටිනවා.

වසර 06 ක් පුරා අංක 01 ස්ථානයේ රැඳී සිටි අමෙරිකාවට මෙවර ස්ථානය අහිමිවීමද විශේෂත්වයක්.
ලෝක ශූර ස්පාඤ්ඤයට අංක 01 ස්ථානය අහිමිවීමට මූලික හේතුව වී ඇත්තේ කණ්ඩායම් වටයේදී 4-0 ක් ලෙස ජපානය හමුවේ ලද පරාජයයි.
