කාන්තා සනීපාරක්ෂක කට්ටල යන්ත්‍ර සඳහා ක්වීන්ස්ලන්ඩ් පාසල්වල දැඩි ඉල්ලුමක්

නොමිලයේ කාන්තා සනීපාරක්ෂක කට්ටල ලබා දෙන යන්ත්‍ර සඳහා ඉල්ලූම් කර ඇති ක්වීන්ස්ලන්ඩ් පාසල් සංඛ්‍යාව ද 500 ඉක්මවා ගොස් තිබෙනවා.

දැනටමත් එම ප්‍රාන්තයේ පාසල් 147 ක් තුල මෙම යන්ත්‍ර සවිකර අවසන් බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 35 ක මුදලක් ඉදිරි වසර 06 සදහා වෙන්කර තිබෙනවා.

පළමුවෙන් පාසල් 120 ක් සඳහා පමණක් මෙම යන්ත්‍ර සවිකිරීම සැළසුම වූ නමුත් දැඩි ඉල්ලුම මත එය පසුව ව්‍යාප්ත කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රාථමික පාසල් 235 ක් ඇතුලූ සමස්ත පාසල් 393 ක් මේ වනවිට අලූතින් ලියාපදිංචි වී තිබෙනවා.

එම පාසැල් සදහා නොමිළයේ සනීපාරක්ෂක උපකරණ නිකුත් කරන යන්ත්‍ර නිකුත් කිරීම ලබන මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

වසරකට කාන්තාවකට සනීපාරක්ෂක කට්ටල මිලදී ගැනීමට ඩොලර් 100 කට අධික මුදලක් වැයවන අතර ඒ හේතුවෙන් කාන්තාවන් සහ සිසුවියන් සනිපාරක්ෂණ කට්ටල මිලදි ගැනීමෙන් ඉවත්වීම බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවයි වාර්තා වන්නේ.

දරුවන්ගේ අධ්‍යාපනයට පවතින එම බාධා ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි ක්වින්ස්ලන්ඩ් අධ්‍යාපන අමාත්‍යවරිය සඳහන් කළේ.

පාසල් පරිශ්‍ර, නේවාසිකාගාර තුළ සහ එළිමහන් ස්ථානවලද මෙම සනීපාරක්ෂක කට්ටල නොමිලේ ලබා ගැනිමට හැකි යන්ත්‍ර සවිකිරීමට නියමිතයි.

මේ අතර ක්වින්ස්ලන්ඩ් පාසැල් සිසුන් සඳහා නොමිලේ සනීපාරක්ෂක කට්ටල ලක්ෂයක් ලබාදීමට ප්‍රාන්ත රජය දැනටමත් පියවර ගෙන අවසන්.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »