Bushwalking යන පිරිසට වැදගත් දැනුම්දීමක්

කඳු තරණයේදී (hiking) උද්‍යාන ආශ්‍රිත පඳුරුවලින් ලබා ගන්නා කෝටූ, කදු නැගීමේ ආධාරක ලෙස භාවිත නොකරන්නැයි පරිසරවේදීන් කදු නගින්නන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙලෙස උද්‍යාන ආශ්‍රිත පඳුරුවලින් කෝටු කඩා ගැනීම පරිසර සමතුලිතතාවට ද ගැටලූ ඇතිකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කඳු නැගීම සඳහා වනෝද්‍යාන අසල ඩොලර් 30 ක් වැනි මිළකට අලෙවි කෙරෙන විශේෂිත කඳු නැගීමේ සැරයටි භාවිත කරන ලෙස කඳු නගින්නන්ට උපදෙස් ලබා දෙනවා.

එවැනි කඳු නැගීමට ආවේණික උපකරණ භාවිතය සෞඛ්‍යට ද හිතකර වන අතර නැවත නැවත භාවිත කිරීමේ හැකියාව ද පවතිනවා.

මෙලෙස පඳුරකින් එක් කෝටුවක් ඉවත් කිරීම සුලූ දෙයක් ලෙස ගැණුන ද එහි ජීවත් වන කුඩා සතුන් සඳහා බලපෑම් ඇති කර න බවයි ජාතික උද්‍යාන බලධාරීන් පෙන්වා දෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් වනෝද්‍යාන ආශ්‍රිතව දෛනිකව එක්රැස්වන මෙවැනි කෝටු සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී පමණක් එක් ජාතික උද්‍යානයක් ඉදිරිපිට තබා ගොස් තිබූ ස්වභාවික සැරයටි ප්‍රමාණය 146 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »