විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී නීතිමය ක්‍රියා මාර්ග ගත හැක​.

විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී නීතිමය ක්‍රියා මාර්ග ගත හැක​.

Legal action can be taken in Sri Lanka against an offense committed by a Sri Lankan in a foreign country.

විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ 2006 වසරේදී දණ්ඩ නීති සංග්‍රහය අනුව සිදුකළ සංශෝධනයක් අනුව විදේශ රටකදී සිදුකරනු ලබන ක්‍රියාවක් ලංකාවේ නිතිය අනුව වැරැද්දක් නම් ඔහුට හෝ ඇයට එරෙහිව මෙරටදී නිතිය ක්‍රියාත්මක කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ඊයේ උදෑසන පෞද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ 16 හැවිරිදි ජාතික ජපන් තරුණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදහස් සහ මාධ්‍ය විසින් පළකර ඇති පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »