බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග ව්‍යාපෘතියක සේවකයන් SMS මගින් ඉවත් කර ඇතැයි චෝදනා

බටහිර ඔස්ට්‍රේලියාවේ දැවැන්ත මාර්ග ව්‍යාපෘතියක හදිසියේම ඈවර කිරීමෙන් එහි සේවයේ නියුතු සේවකයින් විශාල පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට කොන්ත්‍රකරුවන් පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස සේවයෙන් ඉවත් කිරීම කෙටි පණිවුඩ වැනි අවිධිමත් ක්‍රම මගින් සේවකයින් වෙත දැනුම් දීම හෙළා දකින බවයි බටහිර ඔස්ට්‍රේලියා අගමැති රොජර් කුක් ප්‍රකාශ කළේ.

ව්‍යාපෘති ඈවර කලද සේවකයින් වෙත ගෞරවාන්විතව සැලකීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කළා.

වෘත්තීය ගරුත්වය සහ රැකියා ස්ථානයේ ගරුත්වය සදහා වු අයිතිය සුරැකීමට අයතන බලධාරීන් පියවර ගත යුතු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

කෙසේවෙතත් මේ වන විට ඇතැම් කොන්ත්‍රාත් සමාගම් එම සේවකයින් සදහා නැවත රැකියා ලබා දීම සදහා ඉදිරිපත් වී තිබෙනවා.

පෙර දැනුම්දීමකින් තොරව කෙටි පණිවුඩයක් මගින් සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි වූ කාර්ය මණඩලය ඇතුළු සේවකයි සිය ගණනක් පිඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »