Search

NSW කොන්ත්‍රාත් සේවකයින්ටත් දිගු සේවා නිවාඩු ලැබෙන ළකුණු

නිවු සවුත් වේල්ස් හි කෙටි කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ සේවයේ නියතු ඔස්ට්‍රේලියානුවන හට දිගු සේවා නිවාඩු ඉල්ලූම් කිරීමට අදාළ නව යෝජනාවක් ඔස්ට්‍රේලියානු සේවා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනබා.

කෙටිකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ රැකියා කිහිපයක නියැළෙන ඔස්ට්‍රේලියානුවන් හට පවා වෙනත් රැකියාවකට යොමුවීමේදී දිගු නිවාඩු ඉල්ලූම් කිරීමට නිවු සවුත් වේල්ස් හිදී මෙතෙක් අවස්ථාව හිමිව තිබුණේ නැහැ.

එහෙත් වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ ACT ප්‍රාන්තවල එම වරප්‍රසාදය ලබාදී තිබෙනවා.

නව යෝජනා යටතේ රැකියා කිහිපයක නියැලූනද තමන්ට අවශ්‍ය දිගු සේවා නිවාඩු ඉල්ලූම් කිරීමට නිවු සවුත් වේල්ස් සේවකයින් සදහා ද අවස්ථාව හිමිවනු ඇති.

මේ සම්බන්ධ උපදේෂන කටයුතු ආරම්භ කර ඇති අතර එම යෝජනා ලබන වසරේ දී ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉදිරියේ දී එම යෝජනා තවදුරටත් පුළුල් කරමින් අසනීප නිවාඩු සඳහා ද දිගු සේවා නිවාඩු ලබා දීමට සැළසුම් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු සේවා සංගමය සදහන් කළේ.

නව යෝජනා ක්‍රියාත්මක වීමෙන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සේවකයින් ලක්ෂ 02 කට අධික පිරිසකට එමගින් ප්‍රතිලාභ හිමිවනු ඇති.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »