අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජෝර්ජියා ප්රාන්තයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2020 වසරේ පැවති ජනාධිපතිවරණ ප්රථිඵල වෙනස් කිරීමේ චෝදනාවට අදාළවයි.
පොලිසියට භාරවීමත් සමග ට්රම්ප් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු වෙනුවෙන් ජෝර්ජියා බන්ධනාගාරයේ ස්ථානයක්ද වෙන් කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් සැකකරුවෙකුට අදාළ ඡායාරූප ඇතුලු ලේඛණ කටයුතු අවසන් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරනේ පිටත්ව ගොස් තිබෙනවා.