ශිෂ්‍ය ණය ලබාගෙන ඇති සිසුන් සහ උපාධිධාරීන් විසින් ගෙවිය යුතු අනිවාර්ය වාරික මුදල් සඳහා සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව වාර්ෂිකව ඩොලර් 51,549 ක උපරිම ආදායමක් දක්වා උපයන්නන් විසින් අනිවාර්ය වාරික ගෙවිය යුතු වන්නේ නැහැ.
පසුගිය වසරේදී මෙම ආදායම් ප්‍රමාණය සටහන්වූයේ ඩොලර් 48,361 ක් ලෙසයි.
දැනට ශිෂ්‍ය ණය වාරික ගෙවන සියල්ලන් හට ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය විසින් මේ බව ඊ-මේල් මාර්ගයෙන් දන්වා ඇති බවද සඳහන්.
පසුගිය ජූලි පළමුවනදා සිට ශිෂ්‍ය ණය සඳහා වන පොළිය සියයට 7.1 ක් ලෙස ඉහළ දමනු ලැබුවා.
වාර්ෂික ආදායම ඩොලර් 51,550 සිට ඉහළට උපයන්නන් සඳහා සියයට 01 සිට 10 දක්වා අගයන්ගෙන් අනිවාර්ය වාරික ගෙවිය යුතු වනවා.
- Below $51,550: Nil
- $51,550 — $59,518: 1.0 per cent
- $59,519 — $63,089: 2.0 per cent
- $63,090 — $66,875: 2.5 per cent
- $66,876 — $70,888: 3.0 per cent
- $70,889 — $75,140: 3.5 per cent
- $75,141 — $79,649: 4.0 per cent
- $79,650 — $84,429: 4.5 per cent
- $84,430 — $89,494: 5.0 per cent
- $89,495 — $94,865: 5.5 per cent
- $94,866 — $100,557: 6.0 per cent
- $100,558 — $106,590: 6.5 per cent
- $106,591 — $112,985: 7.0 per cent
- $112,986 — $119,764: 7.5 per cent
- $119,765 — $126,950: 8.0 per cent
- $126,951 — $134,568: 8.5 per cent
- $134,569 — $142,642: 9.0 per cent
- $142,643 — $151,200: 9.5 per cent
- $151,201 and above: 10 per cent