Tax return අඩුවීම ගැන පැහැදිලි කිරීමක්

Tax return සඳහා අයදුම්කල ඇතැමුන්ට පසුගිය වසරට වඩා අඩු මුදලක් බැරවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

2021 වසරේදී ලෙස ලැබුණු Tax return මුදලෙහි සාමාන්‍යය ඩොලර් 2800 ක් වුවද මෙවර එම අගය සැළකිය යුතු අගයකින් අඩුවී ඇති බව සඳහන්.

ඊට හේතුව ලෙස බදු කාර්යාලය විසින් පවසා ඇත්තේ අඩු සහ මැදි ආදායම් ලාභීන්ගෙන් පසුගිය මූල්‍ය වර්ෂයේදී ඇතැම් බදු අය නොකිරීම බවයි.

ඩොලර් 126,000 ක් දක්වා වාර්ෂික ආදායමක් උපයන ලද පුද්ගලයන්ගෙන් එලෙස ඇතැම් බදු අය නොකෙරුණු බව සඳහන්.

ඩොලර් 37,000 ත් 90,000 ත් අතර ආදායමක් උපයන ලද පුද්ගලයන්ගෙන් මෙලෙස අයකරගෙන නොමැති බදු මුදල ඩොලර් 1500 ක් පමණ වන අතර ඒ අනුව මෙවර Tax return වලින්ද ඔවුන්ට ඩොලර් 1500 ක් පමණ අඩුවෙන් ලැබීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »