Search

NSW සෞඛ්‍ය වියදම් සඳහා $ බිලියන 33 ක් වෙන්කිරීම ගැන විමර්ශනයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය වියදම් සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 33 ක මුදලක් වෙන්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාස 12 ක් පුරා පැවැත්වෙන මෙම විමර්ශන කොමිසමේ සභාපතීත්වයට පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුයි.

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් පසුගිය දා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල අධික වියදමක් දැරීමට සිදුවන අංශ හදුනාගෙන එහි වු නාස්තිය අවම කිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රාන්ත අයවැයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය පද්ධතිය සඳහා වැය වන අතර එසේ වැය වන සෑම ඩොලරයක්ම අත්‍යවශ්‍ය අංශ සඳහා පමණක් යෙදවීම වත්මන් ලේබර් පක්ෂ රජයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නාස්තිය අවම කරමින් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් සඳහා වඩාත් හොද සෞඛ්‍ය පද්ධතියක් ඇති කිරීම මෙහි අරමුණ බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් මෙලෙස විමර්ශණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් වෛද්‍ය සංගම් විරෝධය පළ කරනවා.

එමගින් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවා කප්පාදුවක් සිදුවනු ඇති බවටයි වෛද්‍යවරුන් චෝදනා නගන්නේ.

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවන වැරදි මෙන්න

ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංක්‍රමණ නීති සඳහා හඳුන්වා දුන් වෙනස්කම් හේතුවෙන් ඇතැම් සංචාරකයින්ට ජීවිතාන්තය දක්වා සිරගත විය හැකි දඬුවම් ඇතුලත් බවට වාර්තා වනවා.

Read More »

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »