
දකුණු ඔස්ට්‍රේලියාවේ ෆුඩ් බෑන්ක් වෙත පැමිණෙන පවුල් සංඛ්‍යාව සියයට 57 කින් ඉහළ ගොස් තිබෙනවා.
ෆුඩ් බෑන්ක් වාර්තා පෙන්වා දෙන්නේ කුලී නිවාස ගැටලූ සහ ඉහළ යන විදුලි බිල් ගාස්තු ඇතුලූ දෛනික වියදම් වැඩිවීමත් සමග පුද්ගලයින් ෆුඩ් බෑන්ක් වෙත පැමි”මේ ප්‍රවණතාවක් පවතින බවයි.
ආහාර සහන අපේක්ෂා කරන පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් රැකියාවල නිරතවන පිරීස වීමද විශේෂත්වයක්.

මේ වන විට මධ්‍යස්ථාන 12 කින් සෑම මසකම පුද්ගලයින් එක්ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසකට ආහාර ද්‍රව්‍ය ලබා දීමට ෆුඩ් බෑන්ක් සහන සේවා කටයුතු කර තිබෙනවා.
මෙම ඉල්ලූම සපුරාලීම සඳහා මෙ වසරේදි ෆුඩ් බෑන්ක් සහන සේවා වෙත ඩොලර් මිලියන 04 ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

තෙසේවෙතත් කාර්ය මණ්ඩල හිගය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ෆුඩ් බෑන්ක් සහන සේවා තාවකාලීකව වසා දැමීමෙන් මහජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පවුල්වලින් 1/3 ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර ආහාරවේල් මගහරිමින් සිටින ප්‍රමාණය සියයට 52ක් බවද නවතම සමීක්ෂණ වලින් හෙළිව තිබෙනවා.
එසේම නිවාස හා සම්බන්ධ ගැටළු වලින් ආතතියට පත් ප්‍රතිශතය සියයට 75 ක් බවයි වාර්තා වන්නේ.