2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව අඩු කරයි

2023-24 වසර සඳහා වන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව අඩු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Skilled Independent කාණ්ඩය යටතේ පසුගිය මූල්‍ය වර්ෂයට වෙන් කර තිබූ කෝටාව 32,100 සිට මෙම මූල්‍ය වර්ෂයේදී 30,375 දක්වා පහත දමා තිබෙනවා.

කෙසේවෙතත් Employer Sponsored කාණ්ඩය යටතේ පැවති 35,000 ක කෝටාව තවත් 1,825 ක් වැඩි කර තිබීම විශේෂත්වයක්.

Regional වීසා කෝටාව 34,000 ක සිට 32,300 දක්වාද – State Nominated කෝටාව 31,000 සිට 30,400 දක්වාද අඩු කර තිබෙනවා.

Business & Investment වීසා කාණ්ඩය යටතේ පසුගිය වසරට වෙන් කර තිබූ 5,000 ක කෝටාව මෙවර 3,100 කින් අඩු කර ඇත්තේ 1,900 දක්වායි.

මේ අනුව පුහුණු නිපුණතා වීසා කාණ්ඩ යටතේ සමස්තයක් ලෙස පසුගිය වසරට වෙන් කර තිබූ 142,400 ක කෝටාව මෙවර 137,100 ක් දක්වා පහත දමා තිබෙනවා.

190 සහ 491 වීසා කාණ්ඩ සැළකීමේදී පිළිවෙලින් 2023-24 මූල්‍ය වර්ෂ සඳහා වෙන් කර ඇති කෝටාව 10,300 ක් සහ 6,400 ක් වනවා.

ඒ අනුව 190 වීසා කාණ්ඩයෙන් වැඩිම කෝටාවක් වෙන් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එ 2,700 ක්.

491 වීසා කාණ්ඩය යටතේ වැඩිම කෝටාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා වෙන් කර ඇත්තේ 1,500 ක් ලෙසයි.

 

SOURCE : https://immi.homeaffairs.gov.au/what-we-do/migration-program-planning-levels

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »