ඉදිරි වසර 40 දී ඔස්ට්‍රේලියා ජනගහණය මිලියන 14 කින් ඉහළට – ආර්ථිකයේ ප්‍රබල පසුබෑමක්

POPULATION

ඉදිරි වසර 40 තුළ ඔස්ට්‍රේලියාවේ ස්වරූපය විදහා දැක්වෙන intergenerational වාර්තාව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2063 වසර වනවිට මෙරට උපත් අනුපාතිකය සැළකිය යුතු අගයකින් අඩුවීම හමුවේ වයස්ගත ජනගහණයෙහි කැපී පෙනෙන ඉහළයාමක් අපේක්ෂා කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.

ඉදිරි වසර 40 තුළදී මෙරට ජනගහණයට අමතර මිලියන 14 ක පිරිසක් එකතුවීමෙන් ජනගහණය මිලියන 40 දක්වා වැඩිවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

පුරුෂයන් සඳහා ආයු අපේක්ෂාව අවුරුදු 81 සිට 87 දක්වාද – කාන්තාවන් සඳහා අවුරුදු 85 සිට 89 දක්වාද වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

තවත් අමතර බදු පැණවීම් – ආර්ථිකයේ පහළ යෑම් වැනි අනතුරු ඇගවීම්ද මෙම වාර්තාවට ඇතුළත්.

දේශගුණ විපර්යාස හමුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ලවනු ඇති බවටද මෙමගින් අනාවැකි පළකර තිබෙනවා.

ඒ අනුව අධික උෂ්ණත්වය සහ ජල ගැලීම් වැනි දෑ හමුවේ ඉදිරි වසර 40 තුළදී මෙරට කෘෂිකර්මාන්තයට සිදුවිය හැකි බවට තක්සේරු කර ඇති හානිය ඩොලර් බිලියන 135 ත් 423 ත් අතර විය හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »