ජාවාරම් මුදල් විශුද්ධිකරණය සඳහා NSW පෝකර් යන්ත්‍ර යොදා ගැනීමේ ජාවාරමක්

විවිධ ජාවාරම් හරහා උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෝකර් යන්ත්‍ර යොදා ගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සූදූ ක්‍රීඩා යන්ත්‍ර වෙත අදාළ මුදල් ඇතුළත් කර ක්‍රීඩා නොකර යළිත් එම මුදල් ලබාගැනීමයි මෙහිදී සිදුවන්නේ.

බොහෝ විට මේ සඳහා භාවිත කරනු ලබන්නේ ඩොලර් 50 නෝට්ටු බවටද තහවුරු කරගෙන තිබෙනවා.

නිවු සවුත් වේල්ස් හි පෝකර් යන්ත්‍ර සවිකර ඇති ස්ථාන 178 කදී මාස 1 1/2 ක් තුළදී මෙලෙස විශුද්ධිකරණයට ලක් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 5.5 ක්.

මෙම ගණුදෙනුවල සියයට 41 කට වගකිව යුතු වන්නේ ප්‍රධාන සූදූ මධ්‍යස්ථාන 10 ක් විසින් බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙවැනි අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට වහා රාජකීය කොමිසමක් පත් කරන ලෙස නිවු සවුත් වේල්ස් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ද ඉල්ලා තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »