
2022-23 මූල්‍ය වර්ෂය සඳහා ක්වන්ටාස් සමූහය විසින් ඩොලර් බිලියන 1.74 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.
කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ක්වන්ටාස් සමූහය විසින් වාර්ෂික ලාභයක් වාර්තා කල පළමු අවස්ථාව මෙයයි.
2018-19 කාලසීමාවේදී ඔවුන් ඩොලර් බිලියන 7 ක වාර්ෂික අලාභයක් සටහන් කල අතර අනතුරුව මේ දක්වා වාර්තා කරනු ලැබුවේ අර්ධ වාර්ෂික ලාභයන් හෝ අලාභයන් පමණයි.

මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අනුගමනය කල ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස සැළකිය යුතු ලාභයක් වාර්තා කිරීමට හැකිවූ බවයි ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් නිවේදනය කලේ.
මෙම ලාභය යොදාගනිමින් කව්නටාස් සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබාදීමටත් – ගුවන් මගීන් වෙනුවෙන් අමතර පහසුකම් සැළසීමටත් පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඒ යටතේ බෝයිං 787 වර්ගයේ ගුවන් යානා 12 ක් සහ A350 වර්ගයේ යානා 12 ක් ඇණවුම් කිරීමටද ක්වන්ටාස් සමාගම පියවර ගෙන තිබෙනවා.
ක්වන්ටාස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරී වැනේසා හඩ්සන් ලබන නොවැම්බර් මාසයේ සිට එහි ප්‍රධාන විධායක නිළධාරී ලෙස වැඩ භාරගැනීමටද නියමිතයි.