බටහිර රුසියාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් වැග්නර් කුළී හමුදා නායක යෙව්ගෙනි ප්‍රිගොසින් මියගොස් ඇති බවට වාර්තා පළවනවා.
ඔහු ඇතුලු 10 දෙනෙකු එම යානයේ ගමන් කර ඇති අතර සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
මොස්කව් අගනුවර සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා මෙම යානය ගමන් කරමින් තිබුණා.
වැග්නර් කුළී හමුදා නායකයා දින කිහිපයකට පෙර අප්‍රිකාවේ සිටි බවට වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුණා.
2014 වසරේදී ස්ථාපිත කරන ලද වැග්නර් කුළී හමුදාව යුක්රේන මෙහෙයුම් සඳහා රුසියානු හමුදාවට සහය පළකලද මාස කිහිපයකට පෙර රුසියානු ආරක්ෂක අංශ සමග විරසකයක්ද ඇතිකර ගනු ලැබුවා.