TPAR බදු වාර්තා යොමු කිරීමට දී ඇති කාලය ලබන 28 දායින් අවසන්

TPAR හෙවත් බදු ගෙවීම් වාර්ෂික වාර්තාවක් ගොනු කිරීමට අවශ්‍ය ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් ලබන 28 වනදාට පෙර එය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියා බදු කාර්යාලය දන්වා සිටිනවා.

කොන්ත්‍රාත්කරුවන්ට කරන ගෙවීම් වාර්තා නොකිරීම සහ සිතාමතා අඩු ආදායම් වාර්තා කිරීම අනුමත කල නොහැකි බවයි ඔවුන් සිහිපත් කරන්නේ.

එවැනි ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් දෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූක්ෂමව බලා සිටින බවටද අනතුරු ඇගවෙනවා.

මිලියන 1.1 කට ආසන්න කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇති ඩොලර් බිලියන 400ක පමණ ගෙවීම් පසුගිය මුල්‍ය වර්ෂය තුළ TPAR පද්ධතිය තුළ වාර්තා වී තිබෙනවා.

පසුගය වසර සඳහා TPAR ගොනු නොකළ ව්‍යාපාර සඳහා දඩ 16,000 කට වඩා නිකුත් කර ඇති බව සඳහන්.

TPAR යොමු නොකිරීම සඳහා සාමාන්‍ය දඩය ආසන්න වශයෙන් ඩොලර් 1,110 ක්.

නිසි පරිදි බදු නොගෙවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම සිදුවන බලපෑම ඩොලර් බිලියන 12.4 ක් බවටයි ගණන් බලා ඇත්තේ.

SOURCE : SBS

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »