Search

ඔස්ට්‍රේලියා Student වීසා අයදුම්පතට දැවැන්ත වෙනසක්

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම්පතෙහි, පාඨමාලාව අවසන් කිරීමෙන් පසුවද ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට බලාපොරොත්තුවන බව සඳහන් කිරීමට ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට අවස්ථාවක් උදාවීමට නියමිතයි.

වත්මන් ලේබර් පක්ෂ රජය විසින් ඉදිරියේදී සංක්‍රමණ පද්ධතියට හඳුන්වාදීමට යන දැවැන්ත ප්‍රතිසංස්කරණ අතරට මෙම යෝජනාවද ඇතුළත් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දැනට පවතින රෙගුලාසි අනුව අධ්‍යයන පාඨමාලාව හෝ උපාධිය අවසන් කල පසු මව් රටට ආපසු යන බව ශිෂ්‍ය වීසා අයදුම්පතෙහි දැක්විය යුතුයි.

අඛණ්ඩව රට තුළ රැඳී සිටීමට අපේක්ෂා කරන්නේ යැයි සඳහන් කිරීමෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේපවීමට ඇති ඉඩකඩ ද ඉතා ඉහළ මට්ටමකයි පවතින්නේ.

කෙසේවෙතත් ශිෂ්‍ය වීසා බලපත්‍රය හරහා සුදුසුකම් සපුරාලන්නන්ට මෙරට තුළ වැඩි කාලයක් රැඳී සිට ශ්‍රම බලකායට දායකවීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණ ඇතිවයි ලේබර් පක්ෂ රජය විසින් මෙම නව යෝජනාව ගෙන ඒමට සූදානම් වන්නේ.

උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිව පමණක් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍ය වීසා අයදුම්කරුවන් හඳුනාගැනීමේ පුලුල් ක්‍රමවේදයක්ද ඉදරියේදී හඳුන්වාදීමට නියමිතයි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »