Search

නිවසක් මිළදී ගැනීමට ඔස්ට්‍රේලියාවේදී මුදල් ඉතිරි කල යුතු වසර ගණන් හෙළි කෙරේ

First home buyers

ඔස්ට්‍රේලියාවේ පළමුවරට නිවාස ඒකකයක් හෝ නිවසක් මිළදී ගැනිමට වසර 12 ත් 16 ත් අතර කාලයක් මුදල් ඉතිරි කිරීමට සිදුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ෆයින්ඩර් ආයතනය විසින් මෙම අනාවරණය සිදුකර ඇත්තේ වර්තමාන සාමාන්‍ය මාසික ආදායමෙන් මූලික වියදම් ඉවත් කිරිමෙන් පසු සියයට 25 ක පමණ මුදලක් ඉතුරුම් ලෙස තබා ගැනීමේ උපකල්පනයට යටත්වයි.

දැනට නිවාස මිළ වැඩිම නිව් සවුත් වේල්ස් හි නව නිවසක් මිලදී ගැනීමට වසර 20 ක් පුරා මුදල් ඉතිරී කිරීමට සිදුවන බවටයි තක්සේරු කර ඇත්තේ.

එහි නිවාස ඒකකයක් මිළදී ගැනීමට මුදල් ඉතිරි කල යුතු වසර ගණන 16 ක්.

නව නිවාස ගැනුම්කරුවන්ට හට නිවාස තැන්පතුවක් සඳහා සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂ 03 ක මුදලක්ද නිවාස ඒකකයක් සඳහා ඩොලර් 188,000 ක පමන මුදලක්ද ඉතිරි කිරීමට සිදුවන බව සඳහන්.

මුදල් ඉතිරි කිරීමට අපහසු ප්‍රාන්ත අතර පළමු ස්ථානය නිවු සවුත් වේල්ස් ද – දෙවන ස්ථානය ටස්මේනියාවටද – 03 වන ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයටද හිමිවනවා.

නිවසක් හෝ ඒකකක් මිළදී ගැනීමට පහසුම ප්‍රාන්තය බවට Northern Territory පත්ව සිටින අතර වසර 06 ත් 08 ත් අතර කාලයක් මුදල් ඉතිරි කිරීමෙන් ඒ සඳහා හැකියාව පවතින බවයි අනාවරණය වන්නේ.

කෙසේවෙතත් බොහෝ පිරිසකට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට තමන්ටම කියා නිවසක් මිලදී ගැනීමට පවතින හැකියාව අවම බවයි ෆයින්ඩර් ආයතනය පෙන්වා දෙන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »