Search

සිඩ්නි නාගරික කවුන්සිල කිහිපයක් අපද්‍රව්‍ය බද්ද ඉහළ දැමීමට සූදානම්

සිඩ්නි නාගරික කවුන්සිල කිහිපයක් විසින් අපද්‍රව්‍ය බද්ද ඉහළ දැමීමට සූදානම් වනවා.

ඒ අනුව උද්ධමනයට සමගාමීව එම බද්ද ඉහළ දැමෙන අතර දැනට ටොන් එකකට ඩොලර් 151 ක් ලෙස පවතින එම බදු මුදල ටොන් එකකට ඩොලර් 163.20 ක් දක්වා ඉහළ දැමීමටයි නියමිතව ඇත්තේ.

මේ හරහා ඇතැම් නිවාසවලට දැනට ගෙවන බදු මුදල ඩොලර් 12 කින් පමණ ඉහළ යනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

සිඩ්නි නගරය දැනට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණ දී සිටින අතර 2030 වසර වනවිට එය උග්‍ර ගැටලුවක් වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් අපද්‍රව්‍ය බදු ලෙස එකතු කරන මුදලින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට නිසි පියවරක් නොගන්නා බවටද සිඩ්නි නාගරික කවුන්සිලවලට චෝදනා එල්ල වනවා.

2020 වසරේදී එලෙස එකතු කරනු ලැබූ ඩොලර් මිලියන 750 ක මුදලින් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් සඳහා යොදවනු ලැබ ඇත්තේ ඩොලර් මිලියන 200 ක මුදලක් පමණක් බවයි විගණකාධිපති වාර්තාවක දැක්වුණේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »