USD ට සාපේක්ෂව AUD අගය වසරේ මේ දක්වා 09% කින් පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය වසරේ මේ දක්වා කාලය තුල සියයට 09 කින් පහත වැටී තිබෙනවා.

වසර ආරම්භයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් සත 71 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය සත 64 ක් දක්වා පහත වැටී ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.

අයවැය අතිරික්තය, විරැකියාව, දේපල මිල පහත වැටීම සහ නිශ්පාදන සහ විකුණුම් ක්ශේත්‍රයන්හි පවතින ගැටලූ මේ සඳහා සෘජුව බලපා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ විශාලතම අපනයන ගැණුම්කරු වන චීනය පසුගිය ජූලි මාසයට සාපේක්ෂව මෙවර අපනයන සියයට 12.4 කින් පහත දැමීම ද ඩොලරයේ අගය පහත වැටීමට බලපා ති‌බෙනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම විදේශීය සංචාරකයින් සහ අපනයන සමාගම් වෙත වාසිදායක බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ හේතු‌වෙන් විදේශීය සංචාරකයින්ගේ මිලදී ගැනීමේ වැඩිවීම ඊට ප්‍රධාන හේතුවයි.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »