විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ සිදුවන බව කියන ලිංගික අතවර සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස ෆෙඩරල් රජය විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රැකියා සඳහා බලපෑමක් ඇති වේ යන බිය හේතුවෙන් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
2019 වසරේ අවසන් වරට සිදුකල අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී ශිෂ්‍යාවන් මෙන්ම කාර්ය මණ්ඩලවල සිටින සේවිකාවන් පවා ලිංගික හිරිහැරවලට ගොදුරු වීමේ සම්භාවිතාව කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
කාර්ය මණ්ඩල සේවිකාවන් අතුරින් 04 න් 01 පමණ අනවශ්‍ය ස්පර්ශවීම් වලට ගොදුරු වන බවද එහිදි හෙළිවී තිබෙනවා.
ෆෙඩරල් රජය පෙන්වා දෙනනේ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ මෙවැනි ලිංගික හිංසන පාලනය කිරීම සඳහා සේවකයන්ගේ සහය අත්‍යවශ්‍ය බවයි.
එසේම විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත් සිසුන් සඳහා නිසි උපදේශණ සේවාවක් ආරම්භ කිරීමටත් ඉදිරියේ දී පියවර ගැනීමට නියමිතයි.