ඔස්ට්‍රේලියාව – අමෙරිකාව සහ ජපානය දකුණු චීන මුහුදේ යුධ නාවුක අභ්‍යාසයක

ඔස්ට්‍රේලියාව – අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය සමග එක්ව ත්‍රෛපාර්ශවීය යුධ නාවුක අභ්‍යාස පුහුණුවක් දකුණු චීන මුහුදේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාවුක කටයුතු වලදී චීනයේ ආක්‍රමණශීලී ක්‍රියා හමුවේ කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම මෙම පුහුණුවේ අරමුණයී.

පසුගියදා දකුණු චීන මුහුදේදී පිලිපීන නෞකාවක් චීන සන්නද්ධ ප්‍රහාරවලට ලක්වීමත් සමග පිලිපීනයට සහය දැක්වීමට කලාපීය බලවතුන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් චීන වෙරළ ආරක්ෂක නිලධාරීන් පෙන්වා දෙන්නේ සිය සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.

සැළසුම් කර ඇති යුධ නාවුක අභ්‍යාස පුහුණුව සඳහා යුධ ගුවන් යානා 03 ක් සහ ජපානයට අයත් විශාලතම යුධ නෞකාවක් ද ඇතුලූ යානා කිහිපයක් එක් කිරීමට ද නියමිතයි.

ආරක්ෂක සීමා හේතුවෙන් මෙම අභ්‍යාසය සඳහා සහභාගීවීමට පිලිපීනයට මෙවර අවස්ථාවක් හිමි නොවන අතර ඉදිරී මෙහෙයුම් සඳහා සහභාගීවීමට අවස්ථාව උදා වනු ඇති.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »