Search

ළමා අපචාර චෝදනා 1623 ක් ඇති child care සේවකයා යළි රිමාන්ඩ්

ළමා අපචාර චෝදනා 1600 කට වැඩි සංඛ්‍යාවක් එල්ල වී සිටින ගෝල්ඩ් කෝස්ට් පදිංචිකරුවෙකුද වන හිටපු child care සේවකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

2007 – 2022 කාලසීමාවේදී බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවල child care මධ්‍යස්ථානවලදී ළමුන් 91 දෙනෙකුට විවිධ ලිංගික අපහරණ සිදුකිරීමයි මොහුට එරෙහි චෝදනාව වන්නේ.

45 හැවිරිදි මෙම තැනැත්තාට දූෂණ චෝදනා 136 ක් / අවුරුදු 10 ට අඩු ළමුන් සමග ලිංගික ක්‍රියාවල නිරත වු බවට වන චෝදනා 110 ක් ඇතුලු සමස්ත චෝදනා 1623 ක් නගා තිබෙනවා.

අද බ්‍රිස්බන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ ජනවාරි 24 වනදා සිදුකිරීමට නියමිතයි.

මොහු විසින් අන්තර්ජාලට මුදාහැර ඇතැයි පැවසෙන ළමා අපහරණ ඡායාරූප සහ වීඩියෝ සංඛ්‍යාව 4,000 කට අධික බවද සඳහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »