ඔස්ට්‍රේලියානුවන් සූදුවෙන් වළකන්න BetStop එයි

සූදු ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූ ඔස්ට්‍රේලියානුවන් ඉන් මුදා ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් නව යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

Bet Stop ලෙස නම් කර ඇති එහි ලියාපදිංචි වන ඔස්ට්‍රේලියානුවන්ට මාස 03 සිට ජීවිතාන්තය දක්වා වන කාලයක් තුළ ඔට්ටු හෝ සූදූ ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටිය හැකියි.

එවැනි දෑ සඳහා යොමු නොවී සිටීමට තමන්ට අවශ්‍ය කාල සීමාව තමන් විසින්ම තෝරාගත යුතුයි.

එම කාල සීමාව තුළදී වෙබ් අඩවි – ඇප්ලිකේෂන – ජංගම දුරකථන යනාදී කිසිදු මාධ්‍යයක ඔට්ටු හෝ සූදූ ක්‍රීඩාවලට සම්බන්ධ කිසිවකට පිවිසීමට ඒ අනුව අවස්ථාව උදාවන්නේ නැහැ.

අනත්ර්ජාලය හරහා මෙන්ම රූපවාහිනී මාධ්‍ය හරහා ප්‍රචාරණ කටයුතු සිදුකරන සියලු ඔට්ටු හෝ සූදූ ක්‍රීඩා මෙහෙයවන්නන් මෙම නව සේවාව ප්‍රවර්ධනය කල යුතු බවටද ඔස්ට්‍රේලියානු මාධ්‍ය අධීකාරිය විසින් නියමයක් පණවා තිබෙනවා.

ලබන මාසය අග වනවිට Bet Stop සේවාව නිල වශයෙන් හඳුන්වාදීමට නියමිතයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »