කොවිඩ් වසංගත සමයේදී අවලංගු කෙරුණු ගුවන් ගමන්වලට අදාළව ක්වන්ටාස් ගුවන් සේවයට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.
අපහසුතාවයට පත් ගුවන් මගීන් පිරිසක් නියෝජනය කරමිනුයි නීති සමාගමක් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ මෙම නඩුකරය පවරනු ලැබ ඇත්තේ.
ගුවන් ගමන් අවලංගු කල වහා මගීන්ට මුදල් ආපසු නොගෙවීම සම්මත රීතීන් කඩ කිරීමක් බවටයි මෙම අධිකරණ ක්‍රියාමාර්ගයේ දැක්වෙන්නේ.
එමෙන්ම වර්තමානය වනවිට අදාළ ගුවන් ගාස්තු කිහිප ගුණයකින් වැඩිවී ඇති බැවින් ආපසු මුදල් ගෙවීමේදී එම ඉහළ ගිය ගාස්තු ගෙවීමට කටයුතු කරන නියෝගයක් ක්වන්ටාස් සමාගමට එරෙහිව නිකුත් කිරීමද ප්‍රධාන ඉල්ලීමක්.
මේ අතර අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක් සඳහා ගුවන් ගාස්තු අවස්ථා ලක්ෂ 05 ක පමණ ගාස්තු කපා හැරීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
අද සිට ලබන 25 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් මෙම වෙන් කරවා ගැනීම් සිදුකල හැකියි.
ඇතැම් ගාස්තු ඩොලර් 49 ක් වැනි පහළ අගයකට අලෙවි කිරීමද විශේෂත්වයක්.