
වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉදිරි වසර 40 තුළදී 03 ගුණයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.
ඒ වනවිට මෙරට සමස්ත ජනගහණය මිලියන 40 ඉක්මවා ගොස් පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
පසුගිය වසර 40 පුරා ඔස්ට්‍රේලියාවේ ජනගහණ වර්ධන වේගය සියයට 1.4 ක් ලෙස පැවතියද ඉදිරි වසර 40 දී එය සියයට 1.1 කට අඩුවනු ඇති බව සඳහන්.

අඩු උපත් අනුපාතිකය මෙන්ම ඉහළ ආයු අපේක්ෂාවයි ඊට ප්‍රධානතම හේතු බවට පැවසෙන්නේ.
ඒ අනුව 2063 වසර වනවිට පිරිමි ආයු අපේක්ෂාව අවුරුදු 87 දක්වාද කාන්තා ආයු අපේක්ෂාව අවුරුදු 89 1/2 දක්වාද වැඩිවනු ඇති බවට අනාවැකි පළකර තිබෙනවා.

aged care – child care සහ disability care අංශවලින් දැනට ආර්ථිකයට සපයන දායකත්වය සියයට 08 ක් වන නමුත් 2063 වසර වනවිට එය සියයට 15 දක්වා ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
වාර්ෂික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 235,000 සීමාවේ පවතිනු ඇති බවටත් නවතම වාර්තාවක දක්වා තිබෙනවා.