වික්ටෝරියා අපරාධකරුවන්ට ඇප ගැනීම සීමා කරන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධකරුවන්ට ඇප අයදුම් කිරිමේ කොන්දේසි සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ මිනිස් ඝාතන චෝදනාවකට වරදකරු වූ තැනැත්තෙකු ඇප අයදුම්කර ප්‍රතික්ෂේප වීමෙන් පසු නැවතත් වසර 05 ක් යනතුරු එම අවස්ථාව ඔහුට හෝ ඇයට නොලැබෙන පරිදි මෙම සංශෝධනය ගෙන එන බවයි.

එමෙන්ම සිර දඩුවම නියමවී ඇප අයදුම්කල හැකි කාල සීමාව දීර්ඝ කිරීමටද ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පුනුරුත්ථාපන වැඩසටහන් සඳහා නිසි පරිදි සහභාගී නොවන සිරකරුවන්ට ඇප අයදුම් කිරීමේ අවස්ථා සීමා කිරීමටද අපේක්ෂා කරන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

වික්ටෝරියාවේ අපරාධ සංඛ්‍යාව ඉහළයාමත් අපරාධවල වින්දිතයන්ට වැඩි ආරක්ෂාවක් සැළසීමත් අරමුණු කරගෙනයි ප්‍රාන්ත රජය විසින් මෙම සංශෝධන හඳුන්වාදීමට සූදානම් වන්නේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »